February 14, 2024

X-Reality & Trilumimos Display for mobile

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/X-RE.jpg

SONY company එකෙන් Bravia TVs හදන්න පටන් ගත්ත කාලෙ ඉඳන් ම ඉන්ඩස්ට්‍රි එකේ වැඩියෙන් ම කතා උන දෙයක් තමයි ඒ TV වල තිබුණ හොඳ Picture Quality එක(source:Android Authority) ඒ විදිහට හොඳ කොලිටි එකක් තියන Images & videos පෙන්නන්න සෝනි කම්පැනි එකෙන් මුලින්ම පාවිච්චි කළේ Bravia Engine කියන Picture Processor එක. ඒක පහු කාලෙකදි X-Reality picture processor එක සහ Triluminos display විදියට තවත් දියුණු උනා. ඉතින් මෙන්න මේ කාළෙදි, ඒ කියන්නෙ 2012 මුල දි සෝනි කම්පැනි එකේ CEO විදියට පත් උන Kaz Hirai මහත්තයගෙ අදහසකට අනුව ‘One Sony’ කියන Concept එක යටතේ සෝනි සමාගමේ හැම Sub brand එකකම;ඒ කියන්නෙ TV & Audio , Digital Imaging , Gaming කියන Divisions වල products වල යූස් කරන Technologies හැම එකක්ම Mobile Division එකේ Xperia lineup එකට හඳුන්වා දෙන්න ඔවුන් තීරණය කළා. ඒ විදිහට තමයි Bravia TV වල පාවිච්චි උන X-Reality සහ Triluminos display techs දෙක X-Reality for mobile සහ Triluminos display for mobile කියන නම් වලින් මුලින්ම 2013 Xperia Z1 ෆෝන් එකට introduce කළේ. දැන් අපි බලමු මේ technologies දෙකේ ක්‍රියාකාරිත්වය මොකක්ද කියලා.

  • Triluminos Display for mobile

සරලව ම කිව්වොත්, Triluminos display කියන්නෙ LCD ඩිස්ප්ලේ වලට, සාමාන්‍ය LCD ඩිස්ප්ලේ වල පෙන්වන වර්ණ පරාසය වගේ 150%ක වර්ණ පරාසයක් පෙන්වන්න හැකියාව ලබාදෙන technology එකක්(source:Massachusetts Institute of Technology). ඔයාලා හැමෝම දන්නව ඇති සාමාන්‍ය LCD Panel එකකින් වර්ණ නිපදවන්නෙ සුදු පාට, එහෙමත් නැත්නම් දෘශ්‍ය වර්ණාවලියේ හැම වර්ණයක්ම අඩංගු ආලෝකය රතු,නිල් සහ කොළ filters හරහා යැවීමෙන් කියලා. ඒත් මේ ක්‍රමය පාවිච්චි කරලා reproduce කරන්න පුළුවන් වෙන්නෙ මිනිස් ඇස සංවේදී වන වර්ණ පරාසයෙන් ඉතාමත් සුළු කොටසක් විතරයි. ඒ වගේම ඒ වර්ණ washed-out ගතියක් පෙන්නනවා.

Triluminos display වලදි වර්ණ නිපදවන්නෙ වෙනස් ම විදිහකට. මේකෙදි සාමාන්‍ය LCD Panel වල භාවිතා වෙන සුදු පාට backlight එක වෙනුවට නිල් පාට LED backlight එකක් භාවිතා කරනවා. ඒ වගේම, රතු,කොළ සහ නිල් filters වෙනුවට මේකෙදි භාවිතා කරන්නෙ ඒවායේ(Quantum Dots) විශාලත්වය මත විමෝචනය වන ආලෝක කිරණ වල සංඛ්‍යාතය වෙනස් වන Quantum Dots වලින් සමන්විත පටලයක්. මේ Quantum Dots වල විශාලත්වය නැනෝමීටර 2 ඉඳන් 10 වෙනකන් ඉතාම නිරවද්‍ය ව පාලනය කරන්න පුළුවන්, ඒ නිසා නිල් ආලෝකය මේ හරහා යනකොට ඉතාම නිවැරැදි ව වර්ණ reproduce කරන්න මේ Triluminos display එකකට පුළුවන්. මේ technology එකට පුළුවන් උනා ඒ කාලෙ තිබුණු AMOLED smartphone display වලටත් හොඳ තරඟයක් දෙන්න.

  • X-Reality for mobile

X-Reality කියන්නෙ picture processing technology එකක්, මේකෙන් ප්‍රධාන වශයෙන් ම කරන්නෙ Triluminos display එකක ප්ලේ කරන videos වල Sharpness & Contrast එක වැඩි කිරීම Noise එක(වීඩියෝ එකේ අඳුරු කොටස් වල තියන අපැහැදිලි ගතිය) අවම කිරීම සහ saturation එක fine-tune කිරීම. මෙතනදි මුලින්ම සිද්ධ වෙන්නෙ display එකට signals විදිහට යන වීඩියෝ එකක හැම frame එකක්ම X-Reality processor එකෙන් components කිහිපයකට කිහිපයකට වෙන් කරගැනීම. ඒ Texture,Outline,Contrast සහ Colour විදියට.

ඊටපස්සෙ වෙන්නෙ මේ හැම component එකක්ම වෙන වෙනම analyze කරලා texture quality එක වැඩි කරලා, outlines ගොඩක් පැහැදිලි කරලා,Contrast ප්‍රශ්නයක් තියනවනම් ඒවා හදලා අවසාන වශයෙන් colour balance එකත් නිවැරදි කරලා input signal එක පුළුවන් උපරිම වශයෙන් fine-tune කරලා ඩිස්ප්ලේ එකේ පෙන්වන එක. ඒ වගේම X-Reality engine එකේ තව කොටසක් තමයි Super Resolution කියන්නෙ. මේකෙදි වෙන්නෙ play කරන වීඩියෝ එකේ resolution එක display resolution එකට වඩා අඩු නම් ඒ වීඩියෝ එකේ හැම frame එකකම pixels එකින් එක analyze කරලා miss වෙලා තියන pixels reproduce කිරීම. මේ technology එක සාමාන්‍යයෙන් effective වෙන්නෙ ගොඩක්ම resolution එක අඩු වීඩියෝ වලට නම් නෙවෙයි. උදාහරණයක් විදියට 1080p display එකක 720p වීඩියෝ එකක් ප්ලේ කලොත් මේකෙන් ඒ වීඩියෝ එක ආසන්න වශයෙන් 1080p quality එකට upscale කරලා දෙනවා. ඒත් ගොඩක් ම resolution අඩු නම් මේකෙ effectiveness එක අඩු වෙනවා.මේ ටික තමයි කියන්න තියෙන්නෙ. මේ technologies ගැන ඔයාලටත් අදහස් ඇති. ඒ හැමදේම comments section එකේ අපි කතා කරමු.මේ වීඩියෝ එක බැලුවොත් තේරුම් ගන්න තවත් ලේසි වෙයි.

https://www.facebook.com/IamThusitha