April 16, 2024

Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL)

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/TRCSL.jpg

මොකක්ද මේ TRCSL කියන්නේ ?

සිම් පතක් ඇතුළත් කරන සෙලියුලර් ජාලවලට සම්බන්ධ ඕනෑම ආකාරයක ජංගම දුරකථන / උපාංග ආනයනය කිරීමට / ගෙන ඒමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) අනුමැතිය ලබා ගත යුතුය.කෙටියෙන් කිව්වොත් තමන්ගේ phone එකට සිග්නල් ගන්න ලබා ගන්නා අනුමැතිය.

මොකක්ද මේ TRCSL අනුමැතිය කියන්නේ ?

අනුමැතියක් ගන්න නම් අනිවරෙන් ඒ ආයතනයට සම්බන්ධ වෙන්න එපැයි.ඒ වගේ තමා මේකෙදිත් application එකක් පුරවන්න තියෙන්නේ.

කොහොමද phone එක TRCSL approved කියලා බලා ගන්නේ ?

ඔයාලට ඔයාගෙ දුරකථන TRCSL රෙජිස්ටර් වෙලාද කියලා මැසෙජ් එකකින් දැන ගන්න පුළුවන්..

  • IMEI(හිස්තැනක්) ඔයාගෙ imei නම්බර් එක
  • 1909 ට send කරන්න..
  • උදා:- IMEI 123456789123456

(Imei නම්බර් එක දන්නෙ නැත්තන් *#06# ටයිප් කලාම ඉලක්කම් 15ක නම්බර් එකක් එනවා)

කොහොමද අනුමැතිය ලබා ගන්නේ ?

අනුමැතිය ලබා ගන්න නම් පුංචි දේවල් ටිකක් කරන්න ඕනේ.පහල තියෙන්නේ ඒ දේවල්..මේවා online කර ගන්න තියෙන්නේ..ගෙවීම් කරන්න ඕනේත් නැ.

අවශ්‍ය දේවල්

  1. NIC/Passport/Driving License මේ ඕනම එකක Photocopy එකක් අරන් යටින් ඔයාගෙ අත්සන ගහල අත්සනට යටින් නම ලියල සහතික කරන්න. ඊටපස්සෙ ඒක පැහැදිලිව Photo එකක් අරගන්න.
  2. Mobile එක මිලදීගත් බිල්පත් හෝ බිල්පත නැතිනම් ඒ වෙනුවට ඇති කුමන හෝ Document එකක පැහැදිලි Photo එකක් අරගන්න.

අනුමැතිය ලබා ගැනීම

  1. TRCSL සයිට් එකට යන්න. http://www.trc.gov.lk
  2. සයිට් එකෙ IMEI Registration කියන එකට යන්න.
  3. ඊලඟට එන Form එක නිවැරදිව පුරවන්න (ඔබගේ දුරකථනයේ IMEI අංකය නොදන්නේනම් *#06# ඇතුලත් කර එය ලබාගන්න)
  4. සියල්ලම අවසන් වු පසු ඔබ ඇතුලත් කරන ලද email එකට email එකක් එනව Aplication Number එකක් සහිතව ඔබ ඇතුලත් කරන ලද සියලුම තොරතුරු..
  5. ඒ email එකේ යටින්ම තියෙනව පැහැදිලිව ඔබගේ Document කොහොමද Upload කරන්න ඕනෙ කියල.
  6. imeireg@trc.gov.lk මෙන්න මේ email එකට තමයි Upload කරන්න තියෙන්නෙ.මතක ඇතුව ඔයාගෙ Aplication Number එක උඩින්ම දාල ID Copy එකයි Bill එකයි Document Upload කරල Send කරන්න.
  7. ඔයාට තව email එකක් එනව Registration එක Process වෙනව කියල. ඒක Complete උනාම ඔයාට දැනුම්දීමක් කරනව කියල. ඒකට ටිකක් දවස් යනව..

දැන් ඉතින් බලන් ඉන්න තමා තියෙන්නේ.මොකක් හරි ප්‍රශ්ණක් නම් එයාල දැනුම් දීමක් කරයි.