February 11, 2024

Sony Xperia Pro-I

Sony Xperia Pro-I

සොනිලගෙ අද තිබුණ ලෝන්ච් එකින් නිකුත් කරනු ලැබුවේ Sony Xperia Pro-I (xperia pro imagine) කියන ෆ්ලැග්ශිප් ඩිවයිස් එක. මේ ඩිවයිස් එක Xperia 1iii හා Xperia pro යන ඩිවයිස් දෙකේ එකතුවක් කියලා මම කිව්වොත් නිවැරදියි..අපි බලමු මෙදා සැරේ සොනිලගෙ වැඩ කිඩ ටික.

සොනිලා නිතරම මුල් තැන දෙන්නෙ කැමරාවට සහ ඩිස්ප්ලේ එකට බව ඔයාලට අමුතුවෙන් කියන්න ඔනේ නැනේ ඉතින්..කියවන කෙනාට ලේසි වෙන්න හෑල්ලක් දාන් නැතුව පොයින්ට්ස් විදිහට පොස්ට් එක ලියන්නම්.මුලින් මේ වීඩියෝඑක බලල ඉමු.

Sony xperia pro-I camera setup

  • මෙහි main camera sensor එක Exmor RS CMOS Sensor නමින් හදුන්වයි.ඔයාලට මතක ඇති මේ සෙන්සර් එක සොනිලගෙ compact කැමරාවක් වන RX100 VII කැමරාවෙ තිබුණා කියලා.
  • Compact කැමරාවේ 20MP තිබ්බට ෆෝන් එකට 12MP විතරයි දීලා තියෙන්නෙ.
  • මෙහි dual aperture තාක්ෂණය භාවිතා කිරීමට හැකියාවක් ඇත.එමඟින් , f/2.0 හා f/4.0 aperture දෙක අතර මාරු වෙන්න පුළුවන්.
  • මෙහි ලෙන්ස් එක 24mm වේ.එසේම 2.4µm pixel pitch එකකුත් තියෙනවා.
  • 12mp (1/2.5″) sensor එකක් සහ 16mm aperture යුත් f/2.2 තියෙන 130° ultra wide සෙටප් එකක් ද ඇත.
  • 12mp (1/2.9″) sensor සහ 50mm aperture යුත් f/2.4 තියෙන 2x telephoto සෙටප් එකක් ද ඇත.
  • Lens තුනටම ZEISS Tessar T* coating එක ඇත.
  • 3D iTOF යන තාක්ෂණයත් ඇත.
  • සෙල්ෆි කැමරාව බැලුවොත් F/2.0 aperture යුත 8MP (1/4″) සමන්විත sensor ක් ඇත.
  • සුපුරුදු පරිදි සොනිලගෙ අනෙක් ටෙක්නොලජිත් මේකට දාලා තියෙනවා..Bionz,Exmor,Real-time eye autofocus තාක්ෂණයන්.

ආ තව දෙයක් කියන්න බැරි උනා.සොනිලගෙ ෆ්ලැග්ශිප් ඩිවයිස් එක්ක අනිවාරෙන් එයාලා ලෝකයේ පලමු වතාවට( world’s first) කරන දෙයක් තියෙනවා නේ.මේකේදි මෙන්න මේක තමා දුන්නෙ..World’s first 1 inches with phase detection autofocus sensor (PDAF)..මේකින් සබ්ජෙට් එක lock-up කරලා නිවැරදිවම ඩීටේල්ස් අරන් ඉතාම ගුණාත්මකභාවයෙන් output එකක් දෙන්න පුළුවන්.

ඔයාලට මතකද cinema Pro, photo pro කියලා ඇප් දෙකක් හදුන්වලා දුන්නා xperia 1 series එකේදි..ඔන්න මෙදා සැරේ pro I එකත් එක්ක Videography pro කියලත් සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දුන්නා..

එමඟින් විඩියො කිරීමේදී විවිධ color mode,21:9 aspect ratio,4K@120fps with 5× slow motion,white balance, exposure සහ focus යන එකී මෙකී නොකී සියල්ලක්ම මෙහි කිරීමට හැකියාවක් ඇත.

දැන් නම් ඉතින් alpha කැමරාවක් අතෙ තියෙනවා වගෙ තමා මේ ෆෝන් එක අතේ තියෙනවා කියන්නෙ.

බර වැඩ ටික ඉවරයි.දැන් යමු display පැත්තට..මේකෙදි ඩිස්ප්ලේ පැත්ත xperia 1 iii එකට සමානයි..

  • 6.5″ 4k HDR OLED ඩිස්ප්ලේ එකක් ඇත
  • 120Hz refresh rate
  • 21:9 aspect ratio
  • 240Hz Motion Blur Reduction
  • 240Hz Touch sampling Rate

දැන් අනිත් දේවල් ගැන කතා කරමු.මේ ටික ඉතින් හැමෝම දන්න නිසා විස්තර කරන්න යන්නෙ නැ. xperia 1iii සහ xperia pro හි තිබෙන ගුණාංග තමා මේකෙත් තියෙන්නෙ..

  • Corning Gorilla Glass Victus (Front)
  • Corning Gorilla Glass 6 (Rear)
  • Qualcomm Snapdragon 888
  • Android OS 11
  • 12GB RAM
  • 512GB internal storage with microSD memory card support
  • Water Resistant(IPX5/IPX8)
  • Dust Proof(IP6X)
  • 4500mAh Battery and 30W charger XZQ-UC1 ( 50% for 30min)
  • 3.5mm Audio Jack  and USB 3.2 Gen 2
  • Stereo Speakers
  • Dolby Atmos
  • 5G, Wi-Fi 6, Bluetooth 5.2

අහ් තව විශේෂ දෙයක් තියෙනවා..ඒ තමයි මේ ෆෝන් එකට පුංචි මොනිටර් එකක් ගන්න පුළුවන්..ඒක USB කනෙට් කරලා ෆොන් එකේ බැක් එකට හයි කර ගන්න තියෙන්නෙ..එතකොට බැක් කැම් එකම යූස් කරන්න පුළුවන් front කැම් එක වගෙ..පහල ෆොටෝස් බැලුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි.

දෙසැම්බර් වල තමා වෙළෙඳපොළට නිකුත් වෙනවා කියලා තියෙන්නෙ..දැනට ප්‍රයිස් එක දිලා තියෙන්නෙ 1800$ යනුවෙන්.ඒනම් ඊලග පොස්ට් එකත් සමඟ මුණ ගැහෙමු..පහලින් කමෙන්ට් එකක් දාන්න.