April 16, 2024

Sony Xperia 5 II Green Line Issue

sony xperia 5ii green line

මේ දවස්වල ගොඩක් සෝනි භාවිතා කරන අයට එන ප්‍රශ්න කීපයක් ගැන කතා කරන්න හිතුව. ප්‍රධාන වශයෙන් මේ දෙක.

1. Xperia 1 Fingerprint Error
2. Sony Xperia 5ii Green line issue

 ප්රශ්නෙ තමයි 5ii එකේ එන Greenline issue එක. ඇත්තටම ඒක ලොකු Fail එකක් සෝනි වල. හැමෝම අහන්නව වගේ ලංකාවට සෝනි Sale කරන්න Dealer කෙනෙක් හිටියනම් ඒ කෙනා හරි Company එක හරි ඇනගන්නෙ මේ ෆෝන් එක නිසා. 2015 රිලීස් වුන Sony M4 aqua එක ගොඩක් අයට මතක ඇති. ඒ කාලෙ සෝනි කරේ සිංගර් එකෙන්. M4 aqua එකේ ආව Restart ප්රශ්නෙ නිසා හැම කෙනෙක්ම Warranty claim කරන්න ගත්ත නිසා සිංගර්ල සෝනි ඇතෑරියා.

ලංකාවේ ගොඩක් අයට මේ ප්රශ්නෙ ඇවිත් තිබ්බ. ඉතින් ඔන්න පැල් බැදගෙන සෝනි වලට බනිනව මෙලෝ රහක් නැති ෆෝන් කියල. හරි සෝනි මෙලෝ රහක් නෑ කියමුකො. එතකොට ලෝකෙ ගොඩක් දෙනා ඔලුව උඩ තියන් ඉන්න රහක් තියෙන ඇපල් 🍎 එකට මොකද වෙලා තියෙන්නෙ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ. (White Display, Green Display ඇවිත්) ඇපල් රහයි කියපු අයත් මෙන්න ඇපල් මෙලෝ රහක් නෑ කියනව.

එතකොට ඇයි මෙහෙම වෙන්නෙ?Sony Xperia 5ii Green line issue

Sony Xperia 5 II Green Line Issue
i. 120hz දාන නිසා.
ii. Display overheating
iii. Software error
iv. Samsung Display භාවිත කිරීම.
හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕකනෙ. සාමාන්‍ය දැනුමක් හරි තියෙන ඕනම කෙනෙක් දන්නව ෆෝන් එකේ තියෙන hardware කොටස් හරියට ක්‍රියාකරන්නනම් ඒකට ගැලපෙන හරියන software එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මේ කාරණාව හැම දේකටම පොදුයි ඒ කියන්නේ අපි ෆෝන් එකක් ගත්තත් ලැප් එකක් ගත්තත් එකේ කියන Hardware කොටස් වලට හරියනම software එක අනිවාර්යෙන්ම ඕන වෙනවා. ෆෝන් පාවිච්චි කරන ගොඩක් අය පරණ software එකේ වැඩ කරල කරල ඒක ඇති උනාට පස්සේ අලුත් අප්ඩේට් එකක් එනකන් ඇගිලි ගැන ගැන තමයි ඉන්නේ. ඔහොම ඉඳලා company එකෙන් අලුත් අප්ඩේට් එකක් රිලීස් කර ගමන් කට්ටිය අනිවාරෙන්ම ඉක්මනට අප්ඩේට් කරනව. එහෙම update කරන එක ඇත්තටම වරදක් නෑ ඒ උනාට මාස හයක වගේ කාලෙක ඉදන් මොන ෆෝන් කම්පැනියක වුණත් release කරන සොෆ්ට්වෙයා වල bugs එන්න ගත්ත. ඒක මොන හේතුවක් හින්ද වෙනවද කියලා තාම හිතාගන්න බෑ.
 
 
දැන් කට්ටියට හිතන්න පුළුවන් company එකකින් සොෆ්ට්වෙයාර් එකක් release කරන්න කලින් චෙක් කරන්නෙ නැද්ද කියලා ඔව් අනිවාර්යෙන්ම චෙක් කරනවා. ඒ උනාට මේවා check කරන්නෙත් මිනිස්සුම නිසා අහුවෙන්නේ නැති errors එන්න පුළුවන්. xperia one එකේ ආවා fingerprint error එක android 11 අප්ඩේට් කර ගමන් ආපු error එකක් නෙමෙයි. කාලයක් පාවිච්චි කරගෙන යනකොටම ගොඩක් අයගේ fingerprint එක එකපාරටම වැඩ නැතුව ගියා. ඉතින් company එක වුණත් අවුරුදු ගානක් release කරපු software එක test කරන්නෙ නෑ. කස්ටමර්ස්ලා කරන complain වලින් තමයි ආයෙමත් ඒ එන bugs fix කරන්න ගන්නේ. සරලවම කියනවනම් hardware කොටස් වැඩ කරන්න command එක දෙන්න software වලින් එක තැනක ඉඳලා තවත් තැනකට මෙන්න මෙච්චර ප්රමාණයක කරන්ට් එකක් පාස් කරන්න කියලා command කරන්නේ software එකෙන්.
 
Sony Xperia 5 II Green Line Issue
sony xperia 5ii green line
343927487 252746437157758 3637166989234042072 n
xpiria one එකේ වෙන්නේ fingerprint sensor එක ඩැමේජ් වෙන එක එහෙම වෙන්නේ control එකක් නැතිව වැඩි කරන්ට් ප්රමාණයක් fingerprint sensor එකට එන නිසා. sony company එකෙන් මේකට හරියට තවම විසඳුමක් දීලා නැති නිසා කරන්න තියෙන හොඳම දේ තමයි. ඇන්ඩ්රොයිඩ් 10 වලට downgrade කරලා පාවිච්චි කරන එක. මෙහෙම කරා කියලා වැඩ කරන්නේ නැති fingerprint වැඩ කරන්නේ නෑ. තාමත් යහතින් වැඩ කරන fingerprint ටික මේ වැඩෙන් බේරගන්න පුලුවන්.
 
xperia 5 mark 2 එකට වෙන්නෙත් මේ සිද්ධාන්තෙම තමයි.
greenline ආවා කියලා පොළොවෙ ගහපු ෆෝන් එහෙමත් මම දැක්කා. greenline ආපු නැති කට්ටිය android 11 එකට downgrade කරගෙන පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද ඇන්ඩ්රොයිඩ් 12 එකට එන greenline issue එක තවමත් sony company එකෙන් fix කරලා නැති නිසා.
ඇපල් කම්පැනි එක අලුතෙන්ම රිලීස් කර අප්ඩේට් එකට වෙලා තියෙන්නෙත් මේකම තමයි. update නොකර ඉඳපු කට්ටිය බේරිලා. කලබලේට අප්ඩේට් කර කට්ටියට ඩිස්ප්ලේ එක නැතුව ගියා. අපායට ගියත් ඉස්සෙල්ලා යන්න ඕන කියල කිව්වට ඉස්සෙල්ලා යන්න ඕන නැති තැනුත් තියෙනවා.
 
මේ හැමදේම google එකෙන් හොයා ගත්තු දේවලුයි මගේ දැනුමයි එක්ක එකතු කරලා කියපු දේවල් වැරදි තියෙන්න පුළුවන් කට්ටිය හොඳට හොයලා බලන්න එතකොට තව විස්තර දැනගන්න පුළුවන්.

ඔයාල xperia 5ii එක ගන්න හිතන් ඉන්නවා නම් නොගෙන ඉන්න එක හොදයි.මොකද කට්ටිය දන්නවා නේ ලංකාව තුල සෝනි මාකට් එක තියෙන තත්ත්වය.5ii එක විතරක් නෙමේ අනිත් සෝනි ෆෝන් ගන්න ඉන්නවා නම් හොදට හොයලා බලලා චෙක් කරලා ගන්න.ඒකට අපේ මේ Article ටික වැදගත් වෙයි.