April 16, 2024

Sony Xperia 1 V

Sony Xperia 1V

Next-gen sensor. Next-gen imaging

ඔන්න එහෙනම් අදත් Sony ලා සුපිරියක් රිලීස් කරා කියල අපේ Sony Fans ලා දැනටමත් දන්නවා ඇති කියලා හිතනවා.ඒ තමයි සෝනිලා ගේ Flagship එකක් වන Sony Xperia 1 V දුරකථනය සහ Midrange ඩිවයිස් එකක් වන Sony Xperia 10 V දුරකථනය.මේ මාක් සීරිස් එකේ අනිත්වා වගේම මේ ෆෝන් එකත් Content creators ලා ඉලක්ක කරගන හදපු එකක්

වැඩි කතා බහක් නැතුව යමු අපි Flagship දුරකථනය ගැන කතා කරන්න. දන්නවා නේ ඉතින් මේ   සැරෙත් සෝනිලා කැමරාව වැඩි දියුණු කරලා තියෙන්නේ.Device එකේ අනිත් දේවල් කලින් රිලීස් වුන devices (Xperia 1 iiiXperia 1 iv )වලට බොහොම සමානයි.ඒ නිසා මම හැමදේ ගැනම කියන්න යන්නේ නැ.අපේ වෙබ්සයිට් එකේ තියන ස්මාර්ට්ෆෝන් කැටගරි එකින් පරණ රිලීස් වුන ඩිවයිස් ගැන විස්තර ලබා ගත හැක. Link Click Here

මේකේ මිල නම් Sony ලා කියන්නේ  1400 $ වගේ. Rs 450,000 ක් වගේ වෙනවා.ලන්කාවට නම් ඉතින් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැ.

Sony Xperia 1 V design

සෝනිලා xperia 1 එකේ ඉදන්ම ආවේනික design එකකින් නේ එයාලගේ 1 series එක රිලීස් කරේ.ඔන්න මේ සැරෙත්  sony xperia 1v එකේ design එක Xperia 1 iii/iv එකට සමානව හැඩයක් අරන් තියෙනවා කියල පෙනී යනවා.

 

Sony Xperia 1 V

Sony Xperia 1 V display

Sony Xperia 1 V

ඩිස්ප්ලේ ඒකත් සුපුරුදු විදිහටම 6.5 කින් යුත් අතර 21: 9 අනුපාතයකින්(cinematic ratio) යුත්කතව 4K HDR OLED ඩිස්ප්ලේ එකකින් සමන්විත වේ.

Sony Xperia 1 V hardware and specs

ඇන්ඩ්‍රොයිඩ් 13 මෙහෙයුම් පද්ධතියෙන් සහ Snapdragon 8 Gen 2 චිප්සෙට් එක මගින් ක්‍රියාත්මක වන අතර 12 GB ram එකක් සහ 256GB internal storage එකකින් සමන්විත වේ..

1TB දක්වා SD card එකක් දැමීමට හැකියාවක් පවතී.

wireless charging සහ 30W Fast charging පහසුකම ඇත

345611295 1239838723404852 559215236266384705 n

Sony Xperia 1 V cameras

Sony Xperia 1 V
344727211 1235257547195026 3332724461755522734 n
346327052 261574299673440 9044252424361306925 n

කවුරුත් දන්න විදිහට මේ Sony xperia device වල කැමරා එක Sony alpha camera team එකත් එක්ක එකතු වෙලා තමයි හදන්නෙ,මේනිසා alpha camera features එයාලගෙ Smartphone වලට අරන් එන්න පුලුවන් වෙලා තියෙනවා.සෝනිලා අනිවාරෙන් Flagship ඩිවයිස් වලට ලෝකයේ පළමු වතාවට කියලා අලුත් දෙයක් කරනවා කියලා කවුරුත් දන්නවා නේ .

මේ සැරේ new dual layer sensor(Exmor T sensor ) කියලා දෙයක් දීලා තියෙනවා .මෙකින් වෙන්නේ 

1.Low light condition වලදි noise එක දෙගුනයක් අඩු වෙනවා
2.Dynamic range එක දෙගුනයකට ආසන්නව වැඩි වෙනවා

මෙහි කැමරා ත්‍රිත්වයක් ඇති අතර AI තාක්ෂණය ඉතා වැඩි දියුණු කර ඇති බවක් පෙනේ ඒ නිසා  AI Depth,AI White Balance,AI Exposure යන දේවල් ඉතා දියුණු කර ඇත.

S-Cinetone for Mobile නිසා වලින් වීඩියෝ වලදී Cinematic ගතිය ඉතා වැඩි දියුණු කර ඇත.

Made for Gamers

මේවා නම් කලින් ඩිවයිස් වලත් තියෙනවා.වැඩි විස්තර දැන ගන්න ඒ ආර්ටිකල් ටික බලන්න.Gaming වලට 240Hz motion blur reduction support එක දීලා තියෙනවා.ඒවගේම Low gamma raiser එක උදව් වෙනවා shadows area හොදින් බලාගන්න.sound equalizer එක උදව් වෙනවා gunshots සහ footsteps හොදින් ඇහෙන්න.ඒවගේම Sony එකෙන් microphone එක improve කරලා තියෙනවා gaming වලදි clear voice chat එකකට.මීට අමතරව 1080p@120fps දක්වා gaming recording පහසුකම දීලා තියෙනවා.ඒ වගේම Rewind time recording කියලා පහසුකමක් Sonyලා දීලා තියෙනවා මේක Nvidia වල highlight recording එකට සමානයි.

346451495 1287742402537910 6213033908703654012 n
1683762507 IMG 1994126

Additional Features

346313224 963961595049700 7112349082053732034 n