

An admin of Sony Mobile LK community base. I’ll try to rebuild our Sony Mobile market in Sri Lanka.
හකට්ටියම දන්නවා නේ සොනිලාගේ flagship ඩිවයිස් එක්ක අනිවාරෙන් world’s first technology එකක් හදුන්වා දෙනවා කියලා.ඔන්න මේ සැරේ තියෙන්නේ world’s first Actual Optical Zoom (True Optical Zoom) කියන technology එක.
මේකට එන periscope telephoto camera එකට 85mm (3.5X) – 125mm (5.2X) වෙනකම් optical zoom කිරීමේ හැකියාව තියෙනවා.ඒ කියන්නෙ 3.5X ඉදන් 5.2X වලට යනකන් අතරමැද Zooming වලටත් පාවිච්චි වෙන්නෙ optical zoom එක.
කට්ටියම දන්නවානේ ඉතින් sony ලා කොටු පෙනුමකින් ඩිවයිස් ලෝන්ච් කරන්නේ කියලා..Sony මුරණ්ඩු ලෙස සහ අනපේක්ෂිත ලෙස එම කොටු පෙනුමෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරයි, ඒ පෙනුමට නම් මම පට්ට ආසයි. Xperia 1 IV අතට ගත් විට, ඔබට එහි තියුණු දාර නිසැකවම දැනිය හැකිය. කෙසේ වෙතත්, දුරකථනයේ තරමක් හීනී බවක් ඇත. ඒක නිසා එයට හොද Grip එකක් තිබේ.එම නිසා එය ගොඩක් සැහැල්ලු බවකින් යුක්ත වේ.
Design එක ගත්තොත් ගිය අවුරුද්දේ xperia 1 iii එකට ගොඩක්ම සමානයි.dimensions ගත්තොත් 1 IV එකේ 165 x 71 x 8.2 mm විදියටත් 5 IV එකේ 153 x 67 x 8.3 mm mm විදයටත් බලාගන්න පුලුවන්.1 IV එකේ display එක gorilla glass Victus සහ 5 IV වල Gorilla glass 6 වලින් protect කරලා තියෙනවා.දෙකටම CGG 5 back එකක සහ Aluminum frame එකක් තියෙනවා.IP65/68 water සහ dust resist පහසුමත් දෙකටම තියෙනවා.Dedicated camera shutter button සහ dedicated side mounted capacitive fingerprint එකක් බලාගන්න පුලුවන්.
සුපුරුදු පරිදි shutter button එක දැක ගැනීමට හැකියාවක් ඇත.
අඟල් 6.5ක 4K Oled display එකක් තමයි තියෙන්නෙ.මේකට 120hz refreshing rate එකක් සහ 240Hz touch sampling rate එකක් තියෙනවා.ඒවගේම මේක HDR support කරනවා.
ඔයාලට මතකද cinema Pro, photo pro, Videography pro කියලා ඇප් දෙකක් හදුන්වලා දුන්නා xperia 1 series සහ Pro-I එකේදි ඔන්න මෙදා සැරේ 1 IV එකත් එක්ක Audio pro කියලත් සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දුන්නා.
මේ දෙකටම 5000mAh බැට්රි එකක් තියෙනවා.දෙකම 30W wierd fast charging support කරනවා.මේකෙන් මිනිත්තු 30කින් 50%ක් charge කරගන්න පුලුවන්.1 iv එකට විතරක් wireless charging support කරනවා.
Sony එකෙන් mobile gamers ලගෙ බලාපොරොත්තු කඩ කරලා නෑ.ඒගොල්ලන්ට වැදගත් gaming features කිහිපයක් දීලා තියෙනවා.
gaming වලට 240Hz motion blur reduction support එක දීලා තියෙනවා.ඒවගේම Low gamma raiser එක උදව් වෙනවා shadows area හොදින් බලාගන්න.sound equalizer එක උදව් වෙනවා gunshots සහ footsteps හොදින් ඇහෙන්න.ඒවගේම Sony එකෙන් microphone එක improve කරලා තියෙනවා gaming වලදි clear voice chat එකකට.මීට අමතරව [email protected] දක්වා gaming recording පහසුකම දීලා තියෙනවා.ඒ වගේම Rewind time recording කියලා පහසුකමක් Sonyලා දීලා තියෙනවා මේක Nvidia වල highlight recording එකට සමානයි.
Audio ගත්තොත් මුලින්ම කියන්න තියෙන්නෙ 3.5mm headphone jack එක මේකෙ තියෙනවා කියලා.මොකද මේක දැන් එන flagship වල එන්නෙම නැති තරම්.ඒවගේම Xperia 1 iii වල වගේම මේකෙත් full-range front-facing speakers දෙකක් බලාගන්න පුලුවන්.හැබැයි මේක 1 iii වලට වඩා 40% louder කියලා Sony එකෙන් කියනවා.මේ device දෙකම Dolby Atmos සහ Hi-Res Audio support කරනවා.ඊට අමතරව speakers වලින් 360 Reality Audio කියලා feature එකක් Sony එකෙන් හදුන්වලා දීලා තියෙනවා,ඒවගේ 360 Spatial Sound ඔයාට headphones හරහා රසවිදින්න පුලුවන්.
තව විශේෂදෙයක් තමයි ගේම් එක ප්ලේ කරද්දී එවලෙම් ගේම් එක ලයිව් දෙන්න පුළුවන්.
සැප්තැම්බර් තමා වෙළෙඳපොළට නිකුත් වෙනවා කියලා තියෙන්නෙ..දැනට ප්‍රයිස් එක දිලා තියෙන්නෙ 1600$ යනුවෙන්.Black, Violet, White වලින් දැක ගැනීමට හැකියාවල් ඇත.
ඒනම් ඊලග පොස්ට් එකත් සමඟ මුණ ගැහෙමු..පහලින් කමෙන්ට් එකක් දාන්න.
An admin of Sony Mobile LK community base. I’ll try to rebuild our Sony Mobile market in Sri Lanka.
More Stories
Sony Xperia Pro-I
Sony Xperia Ace II announced for Japan
Xperia PRO gets an unexpected European launch