February 11, 2024

Sony xperia 1 iii / 5 iii / 10 iii

sony xperia 1 iii

Sony එකෙන් අද එයාලගෙ Flagship device වෙන Sony Xperia 1 iii (1 mark 3) සහ Xperia 5 iii (5 mark 3) device දෙක හදුන්වලා දුන්නා.Xperia 5 iii කියන්නෙ 1 iii එකේ අත්දැකීමම ගන්න කැමති ඒත් ලොකු device වලට කැමති නැති අයට ආපු device එකක්.(Samsung එකෙන් Note 20 එව්වා වගේ එවන්න ඕන කමට එව්ව device එකක් නෙමේ) එහෙම කිව්වෙ 1 iii සහ 5 iii අතර තියෙන්නෙ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් නිසා.

Camera

කවුරුත් දන්න විදිහට මේ Sony xperia device වල කැමරා එක Sony alpha camera team එකත් එක්ක එකතු වෙලා තමයි හදන්නෙ,මේනිසා alpha camera features එයාලගෙ Smartphone වලට අරන් එන්න පුලුවන් වෙලා තියෙනවා.

කැමරා එක ගත්තොත් වැඩියෙන්ම highlight වෙන දේ තමයි variable telephoto කැමරා එක.මේක තමයි ලොකෙ පලවෙනිම variable telephoto කැමරා එකක් ආපු device එක.මේක periscope telephoto එකක්.මේකට 70mm සහ 105mm focal length තියෙනවා.ඒකියන්නෙ ආසන්න වශයෙන් 2.9X සහ 4.4X Optical Zoom කිරීමේ හැකියාවක් මේ telephoto එකට තියෙනවා.හැබැයි මේ අතර මැද Zooming වලට Optical Zoom පාවිච්චි වෙන්නෙ නෑ.මේකෙ sensor එක 12mp 1/2.9″ Sony sensor එකක්.මේකට focal length එකත් එක්ක වෙනස් වෙන f/2.3 හෝ f/2.8 aperture එකක් තියෙනවා.මේකට Dual PDAF සහ Ois පාවිච්චි වෙනවා.ඒවගේම 300mm (~12X) දක්වා digital zoom කිරීමේ පහසුකමත් දීලා තියෙනවා.මේකට Sonyලා කියන්නෙ AI super resolution zoom කියලා.

මේකෙ Main camera (24mm) එකට පාවිච්චි වෙන්නෙ පරණ 12 mp 1/1.7 Sensor එකම තමයි.මේකට f/1.7 aperture එකක් සහ Ois පහසුකම් තියෙනවා.ඊට අමතරව 12MP 1/2.6″ sensor එකක් ultra wide (16mm) එකක් තියෙනවා මේකෙ aperture f/2.2 විදියට බලාගන්න පුලුවන්.ඒවගේම මේකට ගොඩක් flagship වලත් බලාගන්න බැරි autofocus පහසුකම තියෙනවා.ඒවගේම මේ කැමරා එන්නෙ ZEISS lenses සහ T coating එකත් එක්ක.සුපුරුදු 8mp selfie camera එක අපිට බලාගන්න පුලුවන්.ඒවගේම camera පැත්තෙන් 1 iii සහ 5 iii වල වෙනස 1 iii වලට 3D ToF camera එකක් අමතරව තියෙන එක විතරයි.

Software පැත්තෙන් ගත්තොත් photo pro එකට panoramas, bokeh effects, portrait orientation සහ තවත් basic modes හදුන්වලා දීලා තියෙනවා.auto-focus/auto-exposure සහ noise reduction තියෙන 20fps burst photography,247 autofocus points,Optical SteadyShot,දැනටත් තියෙන මිනිස්සුන්ගෙ සහ සත්තුන්ගෙ real-time Eye AF වලට අමතරව real time tracking කියන Af පහසුකමුත් හදුන්වා දීලා තියෙනවා.4K HDR 24fps සිට 120fps දක්වා recording පහසුකම් ලබා දීලා තියෙනවා.කෝහොම උනත් 8K recording පහසුකම් බලාගන්න හම්බෙන් නෑ.

Display and design

Design එක ගත්තොත් ගිය අවුරුද්දේ xperia 1 ii එකට ගොඩක්ම සමානයි.dimensions ගත්තොත් 1 iii එකේ 165 x 71 x 8.2 mm විදියටත් 5 iii එකේ157 x 68 x 8.2 mm විදයටත් බලාගන්න පුලුවන්.1 iii එකේ display එක gorilla glass Victus සහ 5 iii වල Gorilla glass 6 වලින් protect කරලා තියෙනවා.දෙකටම CGG 5 back එකක සහ Aluminum frame එකක් තියෙනවා.IP65/68 water සහ dust resist පහසුමත් දෙකටම තියෙනවා.Dedicated camera shutter button සහ dedicated side mounted capacitive fingerprint එකක් බලාගන්න පුලුවන්.

5iii සහ 1iii වල පැහැදිලිවම දකින් පුලුවන් වෙනස තියෙන්නෙ display වල.Xperia iii Display එක ගත්තොත් අඟල් 6.5ක 4K Oled display එකක් තමයි තියෙන්නෙ.මේකට 120hz refreshing rate එකක් සහ 240Hz touch sampling rate එකක් තියෙනවා.ඒවගේම මේක HDR support කරනවා.

xperia 5 iii display එක ගත්තොත් වෙනස එකේ display එක අඟල් 6.1ක FHD+ display එකක්.මේ device එකටම 21:9 aspect ratio එකක් තියෙනවා.

SOC

device දෙකම බලගැන්වෙන්නෙ Snapdragons 888 chip set එකෙන්.1 iii එකට 12GB ram 128Gb/256Gb rom තියෙනවා,5 iii එකට තියෙන්නෙ 8GB ram සහ 128Gb හෝ 256GB rom එකක්.ඒවගේම microSd එකක් පාවිච්චි කරලා Storage එක expand කර ගන්න පුලුවන්.මේක 2021 flagship වල බලාගන්න අමාරු දෙයක්.මේක 5G support කරනවා.හැබැයි mmWave 5G technology එකට support කරන්නෙ නෑ.Android 11 එක්ක තමයි මේ device දෙකම එන්නෙ.

Battery and charging

මේ දෙකටම 4500mAh බැට්රි එකක් තියෙනවා.දෙකම 30W wierd fast charging support කරනවා.මේකෙන් මිනිත්තු 30කින් 50%ක් charge කරගන්න පුලුවන්.1 iii එකට විතරක් wireless charging support කරනවා.ඒවගේම සමහර Smartphone වල වගේ නෙමේ ඔයාට charger එක Box එක ඇතුලෙ බලාගන්න පුලුවන්.

Gaming and Audio

Sony එකෙන් mobile gamers ලගෙ බලාපොරොත්තු කඩ කරලා නෑ.ඒගොල්ලන්ට වැදගත් gaming features කිහිපයක් දීලා තියෙනවා.

gaming වලට 240Hz motion blur reduction support එක දීලා තියෙනවා.ඒවගේම Low gamma raiser එක උදව් වෙනවා shadows area හොදින් බලාගන්න.sound equalizer එක උදව් වෙනවා gunshots සහ footsteps හොදින් ඇහෙන්න.ඒවගේම Sony එකෙන් microphone එක improve කරලා තියෙනවා gaming වලදි clear voice chat එකකට.මීට අමතරව 1080p@120fps දක්වා gaming recording පහසුකම දීලා තියෙනවා.ඒ වගේම Rewind time recording කියලා පහසුකමක් Sonyලා දීලා තියෙනවා මේක Nvidia වල highlight recording එකට සමානයි.

Audio ගත්තොත් මුලින්ම කියන්න තියෙන්නෙ 3.5mm headphone jack එක මේකෙ තියෙනවා කියලා.මොකද මේක දැන් එන flagship වල එන්නෙම නැති තරම්.ඒවගේම Xperia 1 ii වල වගේම මේකෙත් full-range front-facing speakers දෙකක් බලාගන්න පුලුවන්.හැබැයි මේක 1 ii වලට වඩා 40% louder කියලා Sony එකෙන් කියනවා.මේ device දෙකම Dolby Atmos සහ Hi-Res Audio support කරනවා.ඊට අමතරව speakers වලින් 360 Reality Audio කියලා feature එකක් Sony එකෙන් හදුන්වලා දීලා තියෙනවා,ඒවගේ 360 Spatial Sound ඔයාට headphones හරහා රසවිදින්න පුලුවන්.

Price,colors and availability

Sony එකෙන් මේ device දෙකේ price ගැන සදහන් කලේ නෑ.මේ device දෙක USA වල Summer එකේදි මිලදී ගන්න පුලුවන්.Sony xperia 5 iii එක කලු (Black),රෝස (Pink) සහ කොල (Green) කියන වර්ණ වලිනුත්,Xperia 1 iii එක Frosted Black, Frosted Purple කියන පාට දෙකෙන් මිලට ගන්න පුලුවන්.මේ launch event එකේදි Xperia 10 iii ගැනත් පොඩි මතක් කිරීමක් කලා.ඒකට 21:9 OLED HDR display එකක් 4,500mAh battery එකක් සහ triple camera setup එකක් එනවා.

Sony Xperia 5 iii සහ Xperia 1 iii වල specs සහ features ගත්තම ගොඩක්ම හොදයි.Sony එකෙන් තාම LG වගේ අතාරින්න සුදානමක් නෑ.මේ Device සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්.මේපාරවත් computational photography පැත්ත එහෙම improve කරන් ආවොත් Sony වලට වහන්න වෙන එකක් නෑ

More details click here