April 17, 2024

Sony xperia 1 ii

sony xperia 1 ii

Flagship device දෙකක් සහ midrange device එකක් අද සොනිලා රිලීස් කලා..මේ සැරෙ සොනිලා කැමරාව වැඩි දියුණු කල ඇති බවක් පෙනෙ..වැඩි විස්තර නැතුව මුලින් බලමු මේ තුන මොකක්ද කියලා,,

  • sᴏɴʏ xᴘᴇʀɪᴀ 𝟷 ɪɪ (mark two)
  • sᴏɴʏ xᴘᴇʀɪᴀ 𝟷𝟶 ɪɪ (mark two)
  • sᴏɴʏ xᴘᴇʀɪᴀ ᴘʀᴏ

SONY XPERIA 1 ii (flagship)

Design

Xperia 1 ii(mark two) භෞතික වශයෙන් xperia xz2 සහ xperia 1 හි මිශ්‍රණයක් සේ පෙනේ..

Display

අඟල් 6.5 ක තිරයක් මත තරමක් දිගටි 21: 9 අනුපාතයකින්(cinematic ratio) යුත් 4K HDR OLED විභේදනයක් ඇත..

camera

ඉදිරි පස කැමරාව 8mp යුක්ත වේ..මෙහි පසුපස triple camera වලින් සමන්විතයි..

– Ultra-wide: 12MP sensor, 16mm, f/2.2 aperture, Dual PDAF

– Wide: 12MP sensor, 24mm, f/1.7 aperture, Dual PDAF, OIS

– Telephoto: 12MP sensor, 70mm, f/2.4 aperture, PDAF, OIS

-Depth sensor: 3D iTOF with ZEISS optics calibrated (ජායාරූපයක ත්‍රිමාණ සහ තාත්විකත්වය වැඩි කිරිමට අවශ්‍ය වේ..මේ පිළිබදව වෙනම පෝස්ට් එකකින් අරං එන්නම්)

ලෝකයේ පළමු වතාවට smartphone with up to 20fps AF/AE tracking burst යන තාක්ෂණය එළි දැක්වුවා..එය හරහා මිනිසුන්ගෙ මෙන්ම සත්තුන්ගෙද තත්‍ය කාලිනව eye auto focus කිරීමේ හැකියාවක් ඇත.

Hardware

ඇන්ඩ්‍රොයිඩ් 10 මෙහෙයුම් පද්ධතියෙන් සහ snapdragon 865 5G චිප්සෙට් එක මගින් ක්‍රියාත්මක වන අතර 8 GB ram එකක් සහ 256GB internal storage එකකින් සමන්විත වේ..

Battery and audio

4000 mAh with wireless charging පහසුකම ඇත.360° audio Reality,DSEE Ultimate,Hi RES ශ්‍රව්‍ය පහසුකම් ඇත

SONY XPERIA pro

මෙය තාම සංවර්ධනය වෙමින් පවතින ලදි..මෙහි විශේෂත්වය වන්නෙ HDMI port එකකින් සමන්විතයි..එයට හේතුව වනුයේ සෝනි ඇල්ෆා කැමරාවන් සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ කර එය දර්ශන දර්ශකයක් ලෙස භාවිතා කළ හැකි අතර පසුව එහි 5G සම්බන්ධතාවය විකාශන උපකරණයක් ලෙස ක්‍රියා කරයි..512GB internal storage සහ 4-way 5G mmWave ඇන්ටනාවකින් සමන්විතයි..(වෙනම පෝස්ට් එකකින් පැහැදිලි කරන්නම්)

SONY XPERIA 10 ii (midrange)

අගල් 6 ක OLED Full HD 21:9 (cinemawide) අනුපාතිකයකින් සමන්විත වේ.ඇන්ඩ්‍රොයිඩ් 10 මෙහෙයුම් පද්ධතියෙන් සහ snapdragon 665 චිප්සෙට් එක මගින් ක්‍රියාත්මක වන අතර 4GB ram එකක් සහ 128GB internal storage එකකින් සමන්විත වේ..මිඩ්රේන්ජ් ඩිවයිස් එකක් නිසා කියන්න ඒ තරම් දෙයක් නැ..මෙහිදිත් කැමරව වැඩි දියුණු කර ඇති බවක් පෙනෙ..

  • 12MP ultra wide
  • 8MP wide angle
  • 8MP telephoto

More details click here