February 11, 2024

LDAC(enhanced wireless listening experience)

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/ldac-codec-wikipedia-ldac-png-1200_580.png

අපි හැමෝම දන්න දෙයක් තමයි Bluetooth හරහා music file එකක් play කරනකොට sound quality එක ගොඩක් අඩු වෙනව කියන දේ. විශේෂයෙන්ම low frequencies(Bass) වල quality එක. ඔයාලත් ඒක එක පාරක් හරි අත්විඳල ඇති.

ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට Qualcomm සමාගමෙන් aptX HD තාක්ෂණය හඳුන්වා දුන්නා. මේ තාක්ෂණය ට පුළුවන් උනා තත්පරයට කිලෝ බිට්(kbps) 576 ක උපරිම සීග්‍රතාවයකින් audio data සම්ප්‍රේෂණය කරන්න. ඒ කියන්නෙ සාම්ප්‍රදායික Bluetooth audio transmitting speed එක වගේ 175% විතර සීග්‍රතාවයකින්. ඊට පස්සෙ ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් වලට මේ technology එක ආවා. ඒත් ප්‍රශ්නෙ සම්පූර්ණයෙන් විසඳුනේ නම් නෑ. මේ තාක්ෂණයට පුළුවන් කමක් තිබුනෙ නෑ High Resolution audio files, quality loss එකක් නැතුව සම්ප්‍රේෂණය කරන්න.

මෙතනදි තමයි අපේ multimedia giant වැඩට බැස්සෙ. Sony සමාගමේ TV & Audio division එකට පුළුවන් උනා එයාලටම විශේෂ උන technology එකක් develop කරන්න. ඒ තමයි LDAC.

LDAC technology එකට පුළුවන් උනා ලෝකයෙ පළවෙනි වතාවට High Resolution audio files , Bluetooth තාක්ෂණය හරහා සම්ප්‍රේෂණය කරන්න. උපරිම දත්ත සම්ප්‍රේෂණ සීග්‍රතාව තත්පරයට කිලෝබිට් 990ක්. ඒ කියන්නෙ දැන් තියන සාම්ප්‍රදායික Bluetooth devices වල උපරිම සීග්‍රතාව වගේ 301% ක්! aptX HD වගේ 171%ක්. මේ technology එකේ modes තුනක් තියනව User ගෙ කැමැත්ත අනුව තෝරගන්න.

  1. Connection
  2. Normal
  3. Quality

1) Connection

මේ මෝඩ් එක ප්‍රමුඛතාව දෙන්නෙ අපේ wireless device එක සහ ෆෝන් එක අතර තියන සම්බධතාවයෙ ස්ථාවර බව ට. මේක තමයි දත්ත සම්ප්‍රේෂණ සීග්‍රතාව අඩු ම mode එක. 330kbps.

2) Normal

Normal mode එක sound quality එක සහ දත්ත සම්ප්‍රේෂණ සීග්‍රතාව කියන දෙක ම සමබර ව පවත්වගෙන යනව. Transmitting speed ; 660kbps. Connection mode එකේ speed එක වගේ දෙගුණයක්.

3) Quality

මේ mode එකෙන් කරන්නෙ උපරිම මට්ටමේ ගුණාත්මකබවකින් දත්ත සම්ප්‍රේෂණය කිරීම. සීග්‍රතාව 990kbps. Connection mode එකේ speed එක වගේ තුන්ගුණයක්.

මේ තමයි ldac enhanced wireless listening experience එකේ කතාව..LDAC ගැන ඔයාලා දන්න දේවලුත් පහළින් කමෙන්ට් කරන්න.