April 16, 2024

How to flash Firmware for Sony devices

How to flash Firmware for Sony devices

අද කියන්න යන්නේ 2017 පස්සේ ආපු (Xperia X Compact එකට පස්සෙ Docomo හැර) ඕනෙම සෝනි ෆෝන් එකකට NewFlasher හරහා ෆර්ම්වෙයාර්( Firmware ) ගහන විදිය.(How to flash Firmware for Sony devices) හැම දේටම කලින් SD Card එකක් දාල හෝ PC එකට ෆෝන් එකේ සියලුම දේවල් Back UP කරගන්න.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය. මම ලින්ක් ටික ඒ එක්කම දානවා.

  1. Sony Xperia Companion https://www.sony.com/electronics/support/articles/00236877
  2. FlashTool http://www.flashtool.net/downloads.php
  3. XperiFirm https://forum.xda-developers.com/…/tool-xperifirm…/
  4. NewFlasher https://forum.xda-developers.com/…/tool-newflasher…/
  5. Minimal ADB with Fast Boot https://forum.xda-developers.com/…/tool-minimal-adb…/
  6. 50% ට වඩා චාර්ජ් කරගත්ත ෆෝන් එක.

මේ සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරලා වෙනම ෆෝල්ඩර් එකකට දා ගෙන තියාගන්න. වටිනවා සැහෙන්න. ඊලගට Sony Xperia Companion සහ FlashTool කියන දෙක ඉන්ස්ටෝල් කරගන්න ඔයාගේ පරිගණකයට. XperiFirm සහ NewFlasher කියන Zip ෆෝල්ඩර් දෙක Unzip කරලා වෙනම තියා ගන්න.පස්සේ ඕන වෙනවා.C:/Flashtool/Drivers කියන පාත් එකේ Flashtool-Drivers කියලා එකක් ඇති. ඒ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා සේරම Drivers සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරන්න. දැන් Unzip කරලා තියාගත්ත XperiFirm ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න. දකුණු පැත්තේ යටම Gear Icon එක ක්ලික් කරලා Settings වල Download Firmware files to කියන එක C:/Flashtool කරලා Unpack Firmware Automatically කියන ටික් බොක්ස් එක දාල Ok කරන්න.ඊලගට වම් පැත්තේ ඔයාගේ Device එක තෝරලා ඔයාට ඕනේ Firmware එක දකුණු පැත්තේ Device Image එකට යටින් එන ලින්ක් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

Japan ග්ලෝබල් කරන්න මම නිර්දේශ කරන firmware වර්ග මේවා.

  • Z5 E6653 සදහා 1299-8597 Thailand
  • Z5 Premium E6853 සදහා 1300-4835 Thailand
  • X Performance F8131 සදහා 1302-8966 Iberia
  • XZ F8331 සදහා 1304-9025 Iberia
  • XZs F8231 සදහා 1308-6105 Italy
  • XZ Premium F8141 සදහා 1308-5322 Iberia
  • XZ1 F8341 සදහා 1310-7363 Iberia
  • XZ2 H8216 සදහා 1313-3191 Iberia
  • XZ3 H8416 සදහා 1316-6423 Iberia
  • ග්ලෝබල් ෆෝන් එකක් නම් India නැත්නම් Singapore. දෙකම නැත්නම් වෙන East Asian ඕනෑම එකක්.

තේ එකක් එහෙම බීලා එද්දී Firmware Unpacked Successfully කියලා වැටිලා තියේවි. දැන් මුලික දේවල් ඉවරයි. Flash කරන්න තියෙන්නේ.

C:/Flashtool පාත් එකට ගියාම G3116_Customized IN_1307-5208_48.1.A.2.112_R1B වගේ නමක් එක්ක ෆෝල්ඩර් එකක් තියෙයි. නම වෙනස් වෙනවා Device එකත් එක්ක. ඒක කොපි කරලා Desktop එකට දා ගන්න. ෆෝල්ඩර් එක ඇතුලේ තියන .ta ෆයිල් එක්ස්ටෙන්ෂන් එක තියන ඒවා සේරම ඩිලීට් කරන්න. අපි Unzip කරලා තියා ගත්ත NewFlasher ෆෝල්ඩර් එකේ තියන සේරම ෆයිල් කොපි කරගන්න මේ ෆෝල්ඩර් එක ඇතුලට. මේකේ තියන NewFlasher.exe මතක තියා ගන්න.

ඔයාගේ ෆෝන් එකේ Settings > About Phone ගිහින් Build Number කියන එක උඩ 7 පාරක් ටච් කරන්න. එතකොට Developer Options කියලා එකක් On වෙයි. ඊලගට Settings > System > Advanced > Developer Options ගිහින් USB Debugging ඔන් කරන්න. ෆෝන් එක ඔෆ් කරලා Volume Down ප්‍රෙස් කරගෙන USB ප්ලග් කරන්න. නොටිෆිකේෂන් ලයිට් එක කොළ පාට වෙයි. ඊට පස්සේ Volume Down අත ඇරලා කලින් කියපු NewFlasher.exe රන් කරන්න. ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න ඇහුවොත් “n” ටයිප් කරලා එන්ටර් දෙන්න. ඊට පස්සේ “a” ටයිප් කරලා එන්ටර් දෙන්න.(Boot to Android). ඊලගට එන හැම එකකටම “n” දීල බලා ගෙන ඉන්න. ෆෝන් එක ෆ්ලෑෂ් වෙලා Auto ඔන් වෙයි. දැන් සෙටප් එක ඉවර වෙලා Settings > System > About Phone ගිහින් Model එක වෙනස් වෙලාද බලන්න. වැඩේ ගොඩ.

XZ2 එකට කලින් ආපු Devices (Z5 ඉදන් XZ1 දක්වා) වලට NFC ෆික්ස් එක කරන්න ඕන. නැත්නම් Restart වෙන අවුලක් එනවා. ඒක Fix කරන්නේ මෙහෙමයි.

ඔයාගේ ෆෝන් එකේ Settings > About Phone ගිහින් Build Number කියන එක උඩ 7 පාරක් ටච් කරන්න. එතකොට Developer Options කියලා එකක් On වෙයි. ඊලගට Settings > System > Advanced > Developer Options ගිහින් USB Debugging ඔන් කරන්න. ෆෝන් එක ඔන් එකේ PC එකට ගහන්න. PC එකේ අපි මුලින් ඩවුන්ලෝඩ් කර ගත්ත Minimal ADB with Fast Boot ඉන්ස්ටෝල් කරන්න. Command Prompt එකට ගිහින් adb devices කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට ෆෝන් එකේ Allow USB Debugging? කියලා එයි. Always allow from this computer ටික් බොක්ස් එක ටික් කරලා Ok දෙන්න.

දැන් Command Prompt එකේ මේ පේලි ටයිප් කරන්න. හැම එකක් ම Enter දෙමින් ටයිප් කරන්න ඕනේ.

  • adb shell
  • pm uninstall -k –user 0 com.android.nfc
  • pm uninstall -k –user 0 com.sonymobile.nfcextension.nfcextraresources
  • pm uninstall -k –user 0 com.sonymobile.nfcextension

දැන් Settings > Device Connection > Connection preferences > NFC බලන්න. Disable වෙලා තියේවි. Restart අවුලත් නැති වෙයි. මේක දවස් ගානක් ටයිප් කරලා දැම්මේ.වෙලාව පොඩ්ඩක් මදි අවුල තමයි තියෙන්නේ මට. මේකේ අඩුපාඩු, එන ප්‍රශ්න Comment කරන්න.

සටහන:- අතුල තේජා