April 16, 2024

How to check Sony Battery Health

How to check Sony Battery Health

අද කියන්න යන්නේ අලුතින් ගන්න සෝනි ෆෝන් වල බැටරි ඵලදායීතාවය බලන විදිය.( How to check Sony Battery Health)

*#*#7378423#*#* කෝඩ් එක ගහලා Service Tests > Battery Health Test යන්න. ඒකෙ Actual Batt(uAh) කියලා ඉලක්කම් 7 ක් (උදා: 3150000 කියලා) පෙන්නුම් කරයි. මේ Micro Ampere නිසා 1000 න් බෙදුවම Mili Ampere (mAh) වෙනවා.

ඊළඟට gsmarena.com වගේ වෙබ් අඩවියකට ගිහින් ෆෝන් මොඩල් එක සර්ච් කරලා බලන්න සාමාන්‍ය බැටරි කැපෑසිටි එක කීයද කියලා. XZ Premium නම් 3230mAh.

ඊට පස්සේ මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න.

[(Battery Health Test Capacity÷1000) ÷ (Recommended Battery Capacity)] × 100

මේ අගය 90 ක් වත් අවම වශයෙන් තිබුනොත් හොඳයි. උදාහරණයක් ලෙස [(3150000÷1000)÷(3230)]×100 = 97.5 කියන්නේ බැටරි ඵලදායීතාවය හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන එක.

සටහන :- අතුල තේජා