February 14, 2024

How to buy xperia through Ebay

ebay
how to buy xperia through Ebay.

මෙකින් කියන්න යන්නේ ලංකවට් කිසියම් ප්‍රමිතියෙන් යුක්තව සෝනි ෆෝන් එකක් ගෙන්න ගන්න විදිහ ඊබේ හරහා.

  1. මුලින්ම ඊ බේ ගිණුමක් ඔයා හදා ගන්න ඕන.
  2. ඔයා ගන්න බලාපොරොත්තු වෙන පෝන් වර්ගය සර්ච් කරන්න. උදා: Sony G3116 වගේ.
  3. එහෙම කලාම එන ලිස්ට් එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් Auction, අනික Buy Now. Auction කියන්නේ අඩු ගාණට Sale කරනවා වගේ වැඩක්. Buy Now කියන්නේ සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන් වලට විකුනන එක.
  4. තමන් ට හොඳයි කියලා හිතෙන එක ඕපන් කරගෙන අයිටම් ඒකෙ තත්වේ බලන්න. Condition New කියන්නේ අලුත් ම, Open Box කියන්නේ අළුත් වුණත් චෙක් කරන්න ඕපන් කළැයි කියන එක. Refurbished කියන්නේ අළුත් මට්ටමට අටවා ඇති බව. Used කියන්නේ පාවිච්චි කළා රෙපෙයාර් කලේ නැහැ කියලා.
  5. ඊළඟට බලන්න backed by eBay Money back guarantee කියන එක සදහන් ද කියලා. ඒ ක්‍රමය යටතේ ඕඩර් එක ආවේ නැත්නම් රි ෆන්ඩ් එකක් ගන්න පුලුවන් අපට. සමහරු ආවේ නෑ කියලා බොරුවට රි ෆන්ඩ් ඉල්ලනවා. එහෙම බලු වැඩ කරන්න එපා. ලංකාවේ නම කැත වෙලා තියෙන්නේ දැනටත්.
  6. Shipping යටතේ Includes international tracking කියලා සදහන් වෙනවද බලන්න. මගදී නැති වුණොත් හොයා ගන්න පුළුවන්. එතැන ක්ලික් කලාම International Priority Shipping කියලා පෙන්නනවා නම් භයක් වෙන්න දෙයක් නෑ. DHL or Fedex හරහා එන්නේ. (ඩොලර් 30 ක් වගේ වෙනවා.)
  7. ඉන් පස්සේ $ XX.XX import charges confirmed at checkout කියා තිබේ නම් සෑහෙන පහසුයි. නැත්නම් ලංකාවට ආවම බදු ගෙවන්න වෙනවා රේගුවට. මුලින්ම ගෙව්වා ම රේගුවේ කරදර වෙන්න ඕනේ නෑ. UK සහ USA සෙලර්ලා මේ ක්‍රමය කලාට අනිත් අය කරනවා අඩුයි. (35% ක්‌ වගේ වෙනවා Preferential TAX එක්ක).
  8. ඊළඟට බලන්න About this seller ගිහින් Negative Reviews වැඩි ද කියලා. 95% ක් වත් Positive නැත්නම් ගන්න එපා.
  9. දැන් ඉතින් විශ්වාසයක් තියෙනවා නම් Item එක Add to Cart කරලා තියන්න. තව මොනවා හරි දැන ගන්න Contct Seller ඔප්ෂන් එකෙන් පණිවිඩයක් යවන්න. ගාන අඩු කරන්න වගේ කතා කරන්නත් පුලුවන්.
  10. ඔය වගේ ඔයාට හොඳයි කියලා හිතෙන ඒවා Add to Cart කරලා කිරල මැනල බලන්න. අන්තිමට තෝරා ගත්ත ඒවා විතරක් තියලා අනිත් ඒවා Remove කරන්න.
  11. Go to Checkout දීල ඔයාගෙ විස්තරය හරිද බලලා ගෙවන්න තියෙන්නෙ. ලංකාවේ රාජ්‍ය බැංකු වල කාඩ් වලින් ගෙවන්න අමාරුයි. එකටම වෙනම පුද්ගලික බැංකුවක ගිණුමක් හදල ඕනෙ වෙලාවට සල්ලි ඒකට මාරු කර ගන්න.
  12. ඊළඟට Confirm and Pay එබුවාම ගෙවීම් වැඩේ ඉවරයි. ඔයාගෙ ඊ මේල් එකට එයි ඊ මේල් එකක් your order is confirmed! කියලා.
  13. දවසක් ඇතුළත එනවා your order is being shipped! කියලා. ඒ කියන්නේ සෙලර් Ebay සිස්ටම් එක අප්ඩේට් කලා කියන එක. දැන් ඔයාගෙ Ebay ගිණුමට ගිහින් බලන්න Purchase History.
  14. ඔයා ඕඩර් කරපු එක ඕපන් කරලා Show Shipping Details යන්න. එතනින් පෙන්නනවා කොහෙද දැන් තියෙන්නේ කියලා.
  15. ඊට අමතරව Tracking Number එක පාවිච්චි කරලා වෙබ් සයිට් වල බලන්න පුළුවන්. Shipping Agent Pitney Bowes නම් එයාලගෙ සයිට් එකේ. Courier Agent DHL නම් එයාලගෙ සයිට් එකේ. Tracking your package
  16. DHL නම් ඔයාගෙ ඊ මේල් එකට එවනවා DHL On Demand Delivery කියලා පලවෙනි මේල් එක. ඒකෙ ලින්ක් එකෙන් Address වෙනස් කරන්න එහෙම ඔප්ෂන් දෙනවා.
  17. ඊළඟ ට තියෙන්නේ බලන් ඉන්න එක. ඔයාගෙ මොබයිල් එකට සහ ඊ මේල් එකට අප්ඩේට් එනවා. Shipment Notification කියලා.
  18. සාමාන්‍යයෙන් සති දෙක තුනක් යද්දි USA > Hong Kong > Singapore හරහා ලංකාවට එනවා පාර්සල් එක. Shipment on hold – COLOMBO,SRI LANKA කියලා ආවොත් ලංකාවේ Courier ඒජන්ත ට කතා කරන්න ඕන.
  19. එයා ප්‍රශ්නයක් නෑ කිව්වොත් අවුලක් නෑ. අවුලක් වෙන්නේ TRCSL අනුමැතිය ට මුලදිම ලියවිලි වුවමනා වුණොත්. TRCSL එකේ වෙබ් අඩවිය හරහා ගන්න ඉල්ලුම් පත සම්පූර්ණ කරලා Commercial invoice එකේ, Phone Specifications (Sony වෙබ් අඩවිය මගින් ගන්න පුළුවන්) සහ NIC එකේ පිටපතක් එයාලට ඊ මේල් කලාම අනුමැතිය දෙනවා. ඒක DHL හරහායි රේගුවට දෙන්න ඕන. පස්සේ දවස් 180 ක් තුළ සම්පූර්ණ විස්තරය TRCSL වෙබ් අඩවිය හරහා දෙන්න ඕන. This is TRCSL form
  20. ලඟදි පෝන් ගෙනාපු කීප දෙනෙක් ට Import Control ලයිසන් එක DHL එකෙන් අරන් දෙන්න කියලා තියෙනවා. දැන් යන විඳිය නිසා කලින් අරන් තියාගන්න එක හොඳයි. ඒකට Seller ට කියලා Commercial Invoice එකේ කොපියක් ඊ මේල් කර ගන්න.
  21. දැන් මුලින්ම මේ ලින්ක් එකෙන් TRCSL from එක අරගෙන පුරවලා අදාල ලියවිලි එක්ක යවන්න TRCSL එකට.(මේ ගැන අපේ සයිට් එකෙ වෙනමම පොස්ට් එකක් දාලා තියෙන්නේ.)
  22. TRCSL අනුමැතිය ආවම මේ ලින්ක් එකේ තියෙන Form එක ඩවුන්ලෝඩ් කර පුරවා අදාළ ලියවිලි එක්ක යවන්න Import Export Control එකට.
  23. මතක ඇතිව පෝන් එකට ගෙවපු ගෙවීම සහතික කරල බැංකුවෙන් ලියුමක් අරන් තියා ගන්න. DHL එකෙන් ඉල්ලනවා.
  24. ඉන් පසුව Courier ඒජන්ත ඔයාගෙ ලියවිලි අරගෙන පාර්සලය බාර දෙනවා. ගෙදර කොලඹ ට දුර නම් එයාලගෙ සබ් ඒජන්සි එකකින් එවනවා. ඊ බේ එකට ගිහින් ඕඩර් එක Review කරන්න මතක ඇතිව.ඕක තමයි ඉතිං ක්‍රියාවලිය.

පොස්ට් එක ලිව්වේ අපේ අතුල තේජා මහතා.