April 16, 2024

How to install Google cam in sony

gcam

Gcam/ Google cam යනු??

ගොඩක් අය නම් දන්නවා මේ ගැන..මේක දන්නෙ නැති අයට පොඩි හැදින්වීමක්..Gcam එහෙමත් නැත්නම් Google cam යනු ගූගල්ලගෙම කැමරා ඇප් එක..ඒය google pixel දුරකථනය සමග එන්නෙ..ගොඩ දෙනෙක් gcam එක භාවිතා කිරිමට පෙලබෙනවා..මොකද තමන්ගෙ ඩිෆෝල්ට් කැම් එකට වඩා යම් දෙයක් gcam හරහා බලාපොරොත්තු වෙනවා..හැබැයි මට දැනෙන විදිහට නම් සොනිලගෙ ඩිෆොල්ට් කැම් එකයි gcam එකයි අතරෙ මහ වෙනසක් නැ..gcam එක ගැන වැඩි විස්තර කතා කරන්න යන්නෙ නැ ඉතින්..ඔනේ අයට යූ ටියුබ් වලින් බලන්න පුළුවන්..

ඇයි සොනි වලට Gcam එක දා ගන්න අමාරු??

සෝනි හැර අනෙකුත් දුරකථන වලට හැම Gcam වර්ශන් එකක්ම වගෙ මැච් වෙනවා..හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට සොනිලගෙ දුරකථන වලට හැම වර්ශන් එකම මැච් වෙන්නෙ නැහැ..එයට හේතුව නම් සොනිලගෙ කැමරාවෙ API(Application Programming Interface සිස්ටම් එක සහ කැමරාව සම්බන්ද කරන ප්‍රොග්‍රැමින් එකක්) වලට full access සොනි ආයතනය විසින් ලබා දීමට නොහැකි විමයි..එයට හේතුව නම් මට හොයා ගන්න බැරි උනා..(දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න..

Xperia වලට දාන්නම බැරිද??

පුළුවන්..ඒත් ගූගල් දුරකථනයක කැමරාවෙ තියන ෆීචර්ස් ඔක්කොම නම් ගන්න අපහසුයි..මොකොද gcam පරණ වර්ශන් ටිකක් තමා xperia වලට මැච් වෙන්නෙ..

කමක් නැ පරණ වර්ශන් එකක් හරි ඔනේ

දැනට චෙක් කරපුවගෙන් ගැලපෙනම වර්ශන් එක gcam 5.1v..උපරිම චෙක් කරපු xperia දුරකථනය xz1..(xz2 ඉදන් යුසර්ස්ලා ඉන්නවා නම් අනිවා කියන්න එයාලට හරි ගිය Gcam වර්ශන් එක මොකක්ද කියලා) xz සිරියස් එකක් නැති අය මේක වැඩ කලෙ නැත්තන් ඊට පහල තියන වර්ශන් එකක් ට්‍රයි කරන්න..(අනිවා මොඩ්ල් එක සහ වැඩ කරපු වර්ශන් එක කමෙන්ට් එකකින් දාන්න.) apkmirror සයිට් එකින් ගන්න පුළුවන්..

මෙන්න Gcam ලින්ක් එක.

ඕක ඉන්ස්ටෝල් කර ගන්න.panaroma,Phoro sphere,lens blur ඔය ටික තමා තියෙන්නෙ..හැබැයි xperia වලට AR සපෝට් නිසා අපිට Gcam එකට AR sticker ෆීචර් එක දා ගන්න පුලුවන්..ඒ AR sticker වලත් වෙනමම ආතල් එකක් තියෙනවා හැබැයි..ඒක දා ගන්න playground කියලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඔනෙ..මන් ගාව තියන ඇප් එක මම drive එකට අප්ලොඩ් කලා..ඒක ගන්න

මෙන්න ලින්ක් එක.http://gestyy.com/ey1wDO

හරි දැන් ඒකත් ඉන්ස්ටෝල් කර ගන්න..දැන් Gcam එක ඕපන් කරලා බලන්න AR sticker කියලා අලුත් ෆීචර් එකක් ඇඩ් වෙලා ඇති..වැඩෙ ඉවරයි ඉතින්..සැ:යු :- මම යූස් කරන්නෙ මේ Gcam එක..මගෙ device එක xperia xz1..මීට වඩා වැඩි දෙයක් ඔයාලා අත් හදා බලලා හරි ගියොත් අනිවා කමෙන්ට් එකක් දාන්න..