April 16, 2024

Global VS Docomo/AU/SB

docomo vs global

බහුතරයක්ගේ ප්‍රශ්නයක් පිළිබදව අද කතා කරන්න හදන්නෙ

හැමෝටම වගෙ තියන ගැටලුවක් තමා මොකක්ද මේ Docomo,AU,Global,Softbank(තවත් version එකක්) කියන දේවල්.. හරි දැන් මීටර් උනා නෙ..ඒ ගැන තමා අද කතා කරන්න යන්නෙ

Gobal version

මේක අති බහුතරයක් පාවිච්චි කරන ෆෝන් එක..ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැනෙ..දැනටමත් දන්නවා නෙ

Docomo,AU,softbank

Docomo,AU,Softbank යනු,

ජපානයේ cellular operators සමාගම් මෙන්ම ජපාන විදුලි සංදේශ සේවා වල වෙළඳ නාම වේ. වෙනත් වචන වලින් කිවහොත්, ඉන්දුනීසියාවේ නම් ටෙල්කොම්සෙල්, එක්ස්එල්, ඉන්දුසැට්, ස්මාර්ට්ෆ්‍රන් යනාදිය සමාන වේ..

මේවා බිහි වූයේ කෙසෙද?

ජපන් මෙහෙයුම්කරුවන් සමඟ ඉහත කිවූ ආයතනයන් එකතු කර ඇති අතර ඒවා සාමාන්‍යයෙන් ණය පද්ධතියක් සමඟ විකුණනු ලබයි..එනම් docomo,AU හෝ softbank ආයතනයන් ඔවුන්ගේ බැඳීම් අනුව දායක වේ.

මේවා මිළ අඩු ඇයි?

1) ජපානය විසින් මේම දුරකථන තොග වශයෙන් අපනයනය කරයි.

2) ඉහත පැවසූ ආයතන හා ජපන් මෙහෙයුම්කරුවන්ගෙ යම් යම් කොන්දෙසි පැවතිම.

3) බොහොමයක් flagship දුරකථන ජපානය තුළ අවුරුද්දක් වැනි කාලයක් භාවිතා කල වෙනත් රටවල් වලට අපනයනය කරයි..(global version එහෙම නැත)

Docomo,AU,Softbank අදුර ගන්නෙ කෙසෙද?

1) ගොඩක් දුරකථන වල පිටිපස්සෙ(පස්ස පැත්තෙ) යට ප්‍රින්ට් කරලා තියෙනවා docomo ලෙස..

2) සමහර දුරකථන වල *#06# කේතය වැඩ කරන්නෙ නැත..(IMEI නම්බර් එක බලන කෝඩ් එක)

3) docomo දුරකථන වල model number එක SO හෝ SO-V මගින් ආරම්භ වේ(sony xperia xz SO-01J)Global වල නම් ඉංග්ලිශ් අකුරක් සමග නම්බර්ස් කිහිපයක් (Sony xperia xz F8331)

4) අමුතු අමුතු ඇප්ස් ගොඩක් තියනවා..ජපන් භාශාවෙන් වගෙ…

හරි දැන් මේවගෙ වාසි අවාසි බලමු

වාසි

1) docomo,au,softbank දුරකථන විකිණිමේ ලාභය global විකුණුම් ලාභයට වඩා වාසිදායක වේ..(විකුණුම්කරුගෙ පැත්තෙන්)

2) සමහර docomo,Au,softbank දුරකථන global එකට වඩා hardware අතින් විශේෂ තැනක් ගනි.උදා:- sony xperia ZR global එකේ internal memory එක 8GB පමණි..නමුත් docomo,AU,softbank තුළ 16GB පවති.වාසි නම් එපමණයි

අවාසි

Docomo,AU,softbank තුල තිබෙන ජාලයන් global version තරම් ශක්තිමත් නොවෙ..(ජපානෙ සහ ඉන්දුනීසියාවෙ පමණයි servers පිහිටුවා තියෙන්නෙ)

2) කදුකර ප්‍රදේශ සහ ගම්බද ප්‍රදේශ තුළට එතරම් signal නැත..(2g ෆෝන් එකක් යූස් කරනවා වගෙ දැනෙයි)

3) සමහර දුරකථන වල gps සහ NFC detect කර ගන්න මද වෙලාවක් යනවා..(සමහර දුරකථන තුළ NFC පහසුකමද නැත)

4) ප්‍රබල ගැටලුවක් තමා ජායාරූපයක් ගැනීමේදි කැමරාවෙන් එන ශබ්දය(shutter sound) එක off කරන්න කොහෙත්ම බැ..( හොරෙන් පොටෝ ගන්න බැහැ)

5) Repair කිරිමේදී අවශ්‍ය hardware සොයා ගැනීමට අපහසුය..( ලංකාවෙ නම් ඉතින් global එකෙත් අමාරුයි නෙ)

ඉවරයි පෝස්ට් එක..අන්තර්ජාල තුළින් සහ අත්දැකිම් වලින් ලියූ පෝස්ට් එකකි..ඔයාලගෙත් අත්දැකිම් තියෙනවා නම් කමෙන්ට් කරගෙනම යන්න..