April 18, 2024

Sony BIONZ imaging processor

bionz

bionz

සොනිලගෙ වැඩියෙන්ම යූස් වෙන ටෙක්නොලජි ගැන පෝස්ට් ටිකක් ලියන්න යන්නෙ..හැමොම දන්නවා නෙ ඉතින් සොනිලා කැමරා සෙන්සර් වලින් වැඩ පෙන්නන්නෙ කියලා.

BIONZ imaging processor

මේ ටෙක්නොලජි එක මුලින්ම හදුන්වා දුන්නෙ Sony alpha කැමරා (cyber-shot camera)සමගය..මෙමගින් දත්ත ඉතාම නිරවද්‍යතාවයකින් සහ අධික වේගයෙන් ඩිජිටල් ලෙස සැකසීමට සහ ස්වාභාවික වර්ණ ප්‍රතිනිෂ්පාදනය සහ minimum noise සහිත ඉතාමත්ම පැහැදිලි High Resolution image එකක් ලබා දීමට Sony BIONZ image processor ප්‍රයෝජනයට ගනී..පසුව මෙම තාක්ෂණය sony smartphones වලට හදුන්වා දෙනු ලැබුවා.

BIONZ imaging processor

  • High Sensitivity
  • Clear RAW NR
  • AF/AE/AWB
  • Colour Reproduction
High Sensitivity

මෙමගින් flasher රහිතව ඉහල ISO සහ low noise භාවිතා කරමින් අදුරු ආලොකය (Low light ) තුලදි ස්වභාවිකව High-Res images ගැනිමට හැකියාව තිබෙනවා…

Clear RAW NR

මෙමගින් RAW file හි noise reduce කරලා ජායාරූපයට හානියක් නොවන ලෙස වර්ණ වෙනස් කරමින් වැඩි ආලෝකයක මෙන්ම අඩු ආලෝකයක පවා ස්වභාවික ජායාරූපයක් ලබා දෙයි..(RAW file යනු කිසිම වෙනස් කමකට භාජනය නොවු අමු ගොනුවක් වේ)

AF/AE/AWB

මෙමගින් චලනය වීම්,නිශ්චල වීම්, ඇගෙහි කොටස්,මුහුණ හදුනා ගැනීම් වැනි විශේෂාංග ක්ෂනිකව විශ්ලේෂණය කොට ප්‍රතිනිෂ්පාදනය කර ඉතා සුන්දර ජායාරූපයක් ලබා දීම සිදු කරයි…

Colour Reproduction

මෙය මගින් ජායාරූපයක් සිත් ඇද ගන්නා සුලු ඉතාමත් සුන්දර වර්ණ වලින් හැඩ ගන්වනු ලබයි..BIONZ sensor එක ප්‍රධාන වශයෙන් ඔය ක්‍රියාවලින් සිදුකරනු ලබයි!!!

ලියන්න නම් දේවල් තියෙනවා බොහොමයක්..ඒත් ඉතින් හැමොටම තෙරෙන විදිහට ඉතාමත් කෙටි කරලා ලිව්වෙ.ආපහු ඊලග sensor post එකත් සමග හම්බ වෙමු.ඔයාලගෙ අදහස් එහෙමත් අනිවා කමෙන්ට් කරන්න.අඩුපාඩු තියෙනවා නම් අනිවා කමෙන්ට් එකක් දාන්න.