November 18, 2024

Sony Xperia 1 IV

sony 1 IV

Sony එකෙන් අද එයාලගෙ Flagship device වන Sony Xperia 1 IV (1 mark 4) සහ Midrange වන Xperia 10 IV (10 mark 4) device දෙක හදුන්වලා දුන්නා.xperia 1+1ii+1ii සහ pro-I යන ෆෝන් වල එකතුවක් කිවොත් මම නිවැරදි… එහෙනම් වැඩි කතා නැතුව බලමු මේ සැරේ මොනවද සෝනිලා හදුන්වා දුන්නේ කියලා

සොනිලා නිතරම මුල් තැන දෙන්නෙ කැමරාවට සහ ඩිස්ප්ලේ එකට බව ඔයාලට අමුතුවෙන් කියන්න ඔනේ නැනේ ඉතින්..කියවන කෙනාට ලේසි වෙන්න හෑල්ලක් දාන් නැතුව පොයින්ට්ස් විදිහට පොස්ට් එක ලියන්නම්

Camera

  • 12MP rear camera with Exmor RS sensor 1/1.7″ sensor, f/1.7 aperture ,Hybrid OIS/EIS
  • 12MP f/2.2 aperture 1/2″124° 16 mm ultra wide-angle
  • 12MP f/2.3 (85 mm 28° FoV)
  • f/2.8 (125 mm 20° FoV) 1/3.5″ telephoto lens 3.5-5x optical zoom
  • 12MP Sony IMX 663 1/2.9″ (1.0µm) 20mm f/2.0 lens (Selfie Camera)
  • 3D iToF sensor ZEISS T* coating
  • Real-Time Eye AF (Human, Animal)
  • Real-Time Tracking, 4K video recording

හකට්ටියම දන්නවා නේ සොනිලාගේ flagship ඩිවයිස් එක්ක අනිවාරෙන් world’s first technology එකක් හදුන්වා දෙනවා කියලා.ඔන්න මේ සැරේ තියෙන්නේ world’s first Actual Optical Zoom (True Optical Zoom) කියන technology එක.

මේකට එන periscope telephoto camera එකට 85mm (3.5X) – 125mm (5.2X) වෙනකම් optical zoom කිරීමේ හැකියාව තියෙනවා.ඒ කියන්නෙ 3.5X ඉදන් 5.2X වලට යනකන් අතරමැද Zooming වලටත් පාවිච්චි වෙන්නෙ optical zoom එක.

මේ telephoto එකට 12MP 1/3.5″ IMX 650 sensor එක පාවිච්චි කරන්නෙ මේකට 1.0µm pixels size එකක් අන්තර්ගත වේ.
Main camera එක විදිහට 12MP Sony IMX 557 1/1.7″ sensor එක තමයි පාවිච්චි කරන්නෙ.මේකට 1.8µm pixels size එකක් ඇත.
24mm f/1.7 lens බාවිතා වේ සහ Dual Pixel PDAF support කරනවා.
Ultra wide camera එක විදිහට 12MP Sony IMX 563 1/2.55″ sensor එකත් (1.4µm pixels ) 16mm f/2.2 lens එකකුත් පාවිච්චි කරනවා.
TOF camera එකකුත් Zeiss optics සහ Zeiss T* coating එක හැම lens එකටම පාවිච්චි කරලා තියෙනවා.
ඒ වගේම හැම කමරාවකින්ම 4k 120fps රෙකෝඩ් කිරිමිට හැකියාවක් ඇත. 

Design & Display

කට්ටියම දන්නවානේ ඉතින් sony ලා කොටු පෙනුමකින් ඩිවයිස් ලෝන්ච් කරන්නේ කියලා..Sony මුරණ්ඩු ලෙස සහ අනපේක්ෂිත ලෙස එම කොටු පෙනුමෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරයි, ඒ පෙනුමට නම් මම පට්ට ආසයි. Xperia 1 IV අතට ගත් විට, ඔබට එහි තියුණු දාර නිසැකවම දැනිය හැකිය. කෙසේ වෙතත්, දුරකථනයේ තරමක් හීනී බවක් ඇත. ඒක නිසා එයට හොද Grip එකක් තිබේ.එම නිසා එය ගොඩක් සැහැල්ලු බවකින් යුක්ත වේ.

Design එක ගත්තොත් ගිය අවුරුද්දේ xperia 1 iii එකට ගොඩක්ම සමානයි.dimensions ගත්තොත් 1 IV එකේ 165 x 71 x 8.2 mm විදියටත් 5 IV එකේ 153 x 67 x 8.3 mm mm විදයටත් බලාගන්න පුලුවන්.1 IV එකේ display එක gorilla glass Victus සහ 5 IV වල Gorilla glass 6 වලින් protect කරලා තියෙනවා.දෙකටම CGG 5 back එකක සහ Aluminum frame එකක් තියෙනවා.IP65/68 water සහ dust resist පහසුමත් දෙකටම තියෙනවා.Dedicated camera shutter button සහ dedicated side mounted capacitive fingerprint එකක් බලාගන්න පුලුවන්.

සුපුරුදු පරිදි shutter button එක දැක ගැනීමට හැකියාවක් ඇත.

 

මේකෙදි ඩිස්ප්ලේ පැත්ත xperia 1 iii එකට සමානයි..

  • 6.5″ 4k HDR OLED ඩිස්ප්ලේ එකක් ඇත (lagship වලින් 4K display එන්නෙ Sony වල)
  • 120Hz refresh rate
  • 21:9 aspect ratio
  • 240Hz Motion Blur Reduction
  • 240Hz Touch sampling Rate

අඟල් 6.5ක 4K Oled display එකක් තමයි තියෙන්නෙ.මේකට 120hz refreshing rate එකක් සහ 240Hz touch sampling rate එකක් තියෙනවා.ඒවගේම මේක HDR support කරනවා.

දැන් අනිත් දේවල් ගැන කතා කරමු.මේ ටික ඉතින් හැමෝම දන්න නිසා විස්තර කරන්න යන්නෙ නැ.

ඔයාලට මතකද cinema Pro, photo pro, Videography pro කියලා ඇප් දෙකක් හදුන්වලා දුන්නා xperia 1 series සහ Pro-I එකේදි ඔන්න මෙදා සැරේ 1 IV එකත් එක්ක Audio pro කියලත් සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දුන්නා.

  • Snapdragon 8 Gen 1 Processor Adreno next-gen GPU
  • 12GB LPDDR5 RAM
  • 512GB (UFS 3.1) internal Storage
  • expandable memory up to 1TB via microSD card
  • Android 12
  • Hybrid Dual SIM
  • 3.5 mm audio jack
  • 360 Reality Audio
  • 360 Reality Audio hardware decoding
  • 360 Spatial Sound19 Full-Stage stereo speaker
  • Dolby Atmos
  • DSEE Ultimate Stereo Recording
  • Qualcomm aptX HD audio
  • Side-mounted Fingerprint sensor

Battery and charging

මේ දෙකටම 5000mAh බැට්රි එකක් තියෙනවා.දෙකම 30W wierd fast charging support කරනවා.මේකෙන් මිනිත්තු 30කින් 50%ක් charge කරගන්න පුලුවන්.1 iv එකට විතරක් wireless charging support කරනවා.

Gaming and Audio

Sony එකෙන් mobile gamers ලගෙ බලාපොරොත්තු කඩ කරලා නෑ.ඒගොල්ලන්ට වැදගත් gaming features කිහිපයක් දීලා තියෙනවා.

gaming වලට 240Hz motion blur reduction support එක දීලා තියෙනවා.ඒවගේම Low gamma raiser එක උදව් වෙනවා shadows area හොදින් බලාගන්න.sound equalizer එක උදව් වෙනවා gunshots සහ footsteps හොදින් ඇහෙන්න.ඒවගේම Sony එකෙන් microphone එක improve කරලා තියෙනවා gaming වලදි clear voice chat එකකට.මීට අමතරව 1080p@120fps දක්වා gaming recording පහසුකම දීලා තියෙනවා.ඒ වගේම Rewind time recording කියලා පහසුකමක් Sonyලා දීලා තියෙනවා මේක Nvidia වල highlight recording එකට සමානයි.

Audio ගත්තොත් මුලින්ම කියන්න තියෙන්නෙ 3.5mm headphone jack එක මේකෙ තියෙනවා කියලා.මොකද මේක දැන් එන flagship වල එන්නෙම නැති තරම්.ඒවගේම Xperia 1 iii වල වගේම මේකෙත් full-range front-facing speakers දෙකක් බලාගන්න පුලුවන්.හැබැයි මේක 1 iii වලට වඩා 40% louder කියලා Sony එකෙන් කියනවා.මේ device දෙකම Dolby Atmos සහ Hi-Res Audio support කරනවා.ඊට අමතරව speakers වලින් 360 Reality Audio කියලා feature එකක් Sony එකෙන් හදුන්වලා දීලා තියෙනවා,ඒවගේ 360 Spatial Sound ඔයාට headphones හරහා රසවිදින්න පුලුවන්.
තව විශේෂදෙයක් තමයි ගේම් එක ප්ලේ කරද්දී එවලෙම් ගේම් එක ලයිව් දෙන්න පුළුවන්.

Price,colors and availability

සැප්තැම්බර් තමා වෙළෙඳපොළට නිකුත් වෙනවා කියලා තියෙන්නෙ..දැනට ප්‍රයිස් එක දිලා තියෙන්නෙ 1600$ යනුවෙන්.Black, Violet, White වලින් දැක ගැනීමට හැකියාවල් ඇත.

ඒනම් ඊලග පොස්ට් එකත් සමඟ මුණ ගැහෙමු..පහලින් කමෙන්ට් එකක් දාන්න.