April 30, 2024

Sony xperia Refurbished Phone

Sony xperia Refurbished Phone

Sony xperia Refurbished Phone ලංකාවේ ගොඩක්ම දකින්න තියෙනවා දැන්.ඒක නිසා අද අපි බලමු කොහොමද Refurbished Phone එකක් අදුරගන්නෙ කියල.

ගොඩක්ම දැන් විකිනෙන/විකුණන එකක් තමා සොනිලගෙ xperia xz1 එක. Xz1 එක රිලීස් උනේ 2017 වර්ෂයෙදි..දැනට අවුරුදු 4ක් වගෙ වෙනවා. සාමාන්‍යයෙන් මොබයිල් කම්පැනි එකක් ඩිවයිස් එකක් හදන්නෙ අවුරුද්දක් වගෙ..(ඉතාම ලොකු ඉල්ලුමක් ආවොත් ඒ කාල සීමාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා)

එතකොට කොහොමද කිරි කිරි සීරීමක්වත් නැතුව සොනි ෆෝන් විකුණන තියෙන්නෙ ?? ඔන්න ඔතන තමා ප්‍රශ්නේ.දැන් එහෙනම් ඒ ගැන කතා කරමු.

කාටත් තෙරෙන විදිහට මෙහෙම කියන්නම්කො.. ඔය ෆෝන් වල ඇතුලෙ ලෝකල් බඩු දාලා අටවලා තියෙන්නෙ.(orginal parts නෙමෙ).කිරි කිරියට තියෙන්නෙ අලුතෙන් හවුසින් එක දාලා තියෙන්න නිසයි..ඕවගෙ ඔර්ජිනල් එකට තියෙන්නෙ OS එක විතරයි.

අනික ඔහොම ෆෝන් එකක් විකුනන කොට සෙලස්ලා මෙහෙම කියනවා.

  • Full Set With Same IMEI Box
  • Full Set Without Box
  • Phone Only

ඔය විදි තුනෙන් එකකට තමා දෙන්නේ.Full Set දුන්නත් දෙන්නෙ උපරිම ලෝකල් බඩු දාලා.Phone Only ගන්නවට වඩා full Set with box ගත්තොත් උපරිම වැඩි වෙන්නෙත් 3000ක් වගෙ වෙන්නෙ.සමහර අය 1000ටත් දෙනවා 3000ට 1000ට කොහොමද ඔර්ජිනල් පාර්ට්ස් දෙන්නෙ.

Refurbished Phone ගේන්නෙ තොග වශයෙන්.එක පෙට්ටියක ෆෝන් 100ක් ඉතර තියනවා.තොග වශයෙන් තමා ඕවා ලංකාවට ගේන්නේ.

ඔහොම ෆෝන් ගෙනල්ලා විකුණන්නෙ මේ වගෙ අයට.

  • බ්‍රැන්ඩ් නිව් ෆෝන් ගන්න සල්ලි නැති
  • ෆෝන් ගැන අවබොධයක් නැති
  • ලංකාවෙ බ්‍රැන්ඩ් නිව් හොයා ගන්න නැති අයටයි

ඒකට මෙයාල මෙහෙම වචන ටිකක් පාවිච්චි කරනවා

  • Brand New Condition
  • Not Used in Sri Lanka
  • Imported in Japan

ඔන්න ඔහොම කියලා තමා ඇගේ ගහන්නෙ. අවුරුදු 4ක් පමණ පරණ කම්පැනි එකෙවත් නැති ෆෝන් බ්‍රැන්ඩ් නිව් තියෙන්නෙ කොහොමද…

ඕවගෙ බැට්‍රියත් ලෝකල් බැට්‍රි තියෙන්නෙ..ඒකයි ඔය බැට්‍රි හෙල්ත් එක බලද්දි හරියට පෙන්නන්නෙ නැත්තෙ.සමහර විට බ්‍රැන්ඩ් නිව් ෆෝන් එකට වඩා මේවගෙ බැට්‍රිය බහිනවා.

ගොඩක්ම ලංකාවේ දකින්න තියෙන්නෙ Japan (AU/Docomo/SB) මේ ගැන වෙනම ම පොස්ට් එකක් දාලා තියෙනවා.අපෙ සයිට් එකෙ.මෙන්න ලින්ක් එක. What is AU/Docomo/SB

ගොඩක් වෙලාවට බාල Display දාපුවා තමා තියෙන්නෙ.One Week Checking Warranty වාගෙ දෙන්නෙ ඒකයි.වැඩි කල් පාවිච්චි කරන්න බෑ.

ගන්න කෙනාව ගොනාට අන්දලා දීලා දානවා..කොහොමත් වැඩි කල් යන්න කලින් ලෙඩ එනවා ෆෝන් එකෙ.ලෙඩ ආපු නිසා සමහරු ගත්ත තැනට යනකොට උන් ලෝක නැති බයිලා ගහලා වැරැද්ද තමාටම දානවා.කොහොමහරි අන්තිමට ගත්ත කෙනාට සොනි මුලු බ්‍රැන්ඩ් එකම එපා වෙලා යනවා.

Refurbished Phone අරනුත් කාලයක් පාවිච්චි කරපු අය ඉන්නවා.ඒක තමා එයාලගෙ වාසනාව කියන්නෙ..sony Refurbished ෆෝන් එකක් ගන්නවට වඩා හොදයි වෙන බ්‍රැන්ඩ් එකකින් බ්‍රැන්ඩ් නිව් ගන්නවා.

ඒත් ගොඩක් අය සොනි යූස් කරන්න තියෙන ආසාවටම සොනි refurbished ඒවා ගන්නවා..ඒවා අරන් ලෙඩ දුන්නාම බ්‍රැන්ඩ් එකට බනින්න එපා!!! ගන්නම ඔනේ කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් මේ ලින්ක් එකෙ තියෙන්නෙ විදිහට චෙක් කරලා ගන්න. how to check good xperia